Wednesday, April 6, 2011

අලුතින්ම ආපු ලැප්ටොප් එක Acer Iconia 6120


Acer Iconia 6120 අලුතින්ම ආපු ලැප්ටොප් එක ..අනිත් ඒවාට වැඩිය ගොඩාක් වෙනස් අලුත් ආරක ලැප්ටොප්
එකක්.මේකේ තියන සමහර උපාංග දැනට අපි භාවිතා කරන සාමාන්‍ය ඒවා වගේම තමයි.හැබැයි
මේකේ තියන ලොකුම වෙනස මේකේ Screens ක් තියන එක.ඒ කියන්නේ මේකට Keybord එකක් නෑ..මේකේ Keybord වෙනුවට තියෙන්නේ
තවත් Screen එකක් ..ඒ කියන්නේ Dual Screen එකක් ..මේකේ ලැප්ටොප් එක හරවන
පැත්තට මේකේ Screen හැරවෙනවා ..ඒ කියන්නේ මේක Use කරන වෙලාවට ඔයාට පුළුවන් ලැප්ටොප් එක අනිත් පැත්තට
හරවල එක Use කරන්නත් පුළුවන්,එතකොට Screen එක Keybord වෙනවා .Keybord එක Screen වෙනවා .. ..උඩම තියන ෆොටෝ එක දැක්කම එක තේරුම් ගන්න ඔයාලට හිතාගන්න පුළුවන්
වෙයි .මේක හැබැයි ටිකක් විතර ගණන් ..ලංකාවේ මුදලින් රුපියල් 250000 විතර වෙනවා ..
මේකේ තියන Features තමයි.


Type
General Purpose, Media, Tablet, Desktop Replacement

Processor Name

Intel Core i5-480M

Operating System
Microsoft Windows 7 Premium Edition

Processor Speed
2.6 GHz

RAM
4 GB

Weight
5.8 lb

Screen Size
14 inches

Screen Size Type
widescreen

Graphics Card
Intel GMA HD

Storage Capacity (as Tested)
640 GB


Networking Options

802.11n

Primary Optical Drive

External

No comments:

Post a Comment