Sunday, May 29, 2011

Ophcrack වලින් වින්ඩොස් පාස්වර්ඩ් Reset කරන හැටි .




Ophcrack කියන්නේ උබුන්ටු වගේ ඕපන් සෝස් ඔපරේටින් සිස්ටම් එකක් .හැබැයි මේකෙන් තව වැඩක් කරන්න පුළුවන් .ඒ තමයි පාස්වර්ඩ් හැක් කරන්න පුළුවන්.පහල තියන විදිහට විදිහට කරන්න .

1.මුලින්ම මෙන්න මේ ලින්ක් එක ඔබලා Ophcrack ඔෆීසියල් වෙබ් එකට ගිහින් එකේ තියන iso එක බාගන්න.හැබැයි වින්ඩෝස් XP වලටයි විස්ටා වලටයි වෙන වෙනම iso තියනවා.

2. iso එක බෑවට පස්සේ එක සිඩි එකකට බර්න් කරගන්න .බර්න් කරලා ඉවර උංට පස්සේ Computer එක රිස්ටාර්ට් කරන්න .ඊට පස්සේ බූට්‌ option එක සිඩි එකෙන් බූට්‌ වෙන්න හදන්න .දැන් Computer එක සිඩි එකෙන් බූට්‌ වෙයි .

3.සිඩි එකෙන් බූට්‌ උනාට පස්සේ උබුන්ටු එක වගේ මෙනු එකක් එයි option 4 ක තියන .එකෙන් ophcrack graphic mode කියන option එක තෝරන්න .

4. දැන් ඒ option එක සිලෙක්ට් කලාට පස්සේ කෝඩ් වැටිලා බූට්‌ උන ගමන් උබුන්ටු එක වගේ ස්ක්‍රීන් එකක් පෙන්නයි ප්‍රෝග්‍රෑම් එකකුත් එක්ක.

5.දැන් ඒ ප්‍රෝග්‍රෑම් එක උඩම ඇති ස්ටොප් මාර්ක් එකක් .එක ඔබලා ඒ ප්‍රෝග්‍රෑම් එක ස්ටොප් කරන්න .ක්ලෝස් කරන්න එපා .දැන් එකේ පහල තියන ලිස්ට් එකෙන් හැක් කරන්න ඕන User account එක තෝරන්න .

6 .දැන් අපහු ප්‍රෝග්‍රෑම් එකේ උඩම ඇති ක්‍රැක් බටන් එක ක්ලික් කරන්න .ටිකක් වෙලා යනකොට ප්‍රෝග්‍රෑම් එකේ තියනවා NT password කියල එකක් එකේ තමයි ඔයා හැක් කරපු User account එකේ පාස්වර්ඩ් එක පෙන්නනේ .දැන් ඒ පාස්වර්ඩ් එක ඒ අදාල user Account එකට දාලා බලන්න .

අවවාදයයි
(*) Microsoft security patches install කර ඇත්නම් මෙය වැඩකරන්නේ නැත .
(*) වින්ඩෝස් XP වලට සහ විස්ටා වලට වෙනම iso images ඇත .

පාස්වර්ඩ් අමතක උනොත්





කවදා හරි පරිගණකයේ මුරපදය ( Password) එක අමතක වෙලා තියනවද ?.ඒ වෙලාවට මොනාද කරන්නේ කියල හිතාගන්නවත් බැරුව ඇති .සමහර අය හිතනවත් ඇති තමන් කාලයක් එකතු කරපු ඩේටා ටික නැතිඋනා කියල .තමන්ගේ මුරපදය අමතක වෙනවනම් කරන්න තියන එකම දේ හොදට මතක තියන එත් ආරක්ෂාකාරී මුරපදයක් දාගන්න එක .එත් එක අමතක වෙනවනම් මෙන්න මේ පහල තියන ට්‍රික්ස් ටිඅක් කරලා බලන්න .
1.මුරපදය අමතක උනා කියල කලබල වෙන්න එපා.පොඩ්ඩක්‌ හිතල බලන්න Password එක මතකද කියලා .නැත්නම් එක අමතක වෙන නිසා එක ලියාගත්ත තැනක්වත් මතකද කියල.එත් මතකයට එන්නේ නැත්නම් දෙවෙන පියවරට යන එක තමයි ගොඩක් හොද !

2.මුලින්ම පරිගණකය රීස්ටාර්ට් කරන්න .ඊට පස්සේ bios එකෙන් පස්සේ පරිගණකය බූට්‌ උනාම F8 යතුර ඔබන්න (හැබැයි දෙපාරක් තුන්පාරක් ඔබන්න වෙනවා වැඩේ වෙන්නනම්’)

3.ඊට පස්සේ එතන තියන ලිස්ට් එකෙන් සේෆ් මූඩ් ( Safe mood )කියන Option එක ඔබන්න .

4.දැන් පරිගණකය බූට්‌ වෙන්නේ අවම Hardware පහසුකම් ඇතුව .ඒ කියන්නේ Network,Bluetooth, වගේ වැඩ කෑලි සේෆ් මූඩ් එකේ වැඩකරන්නේ නෑ.

5.දැන් බූට්‌ වෙලා ඉවර උනාට පස්සේ එන්නේ ලොගින් ( Login ) එක .ඒ කියන්නේ පාස්වර්ඩ් එක ටයිප් කරන තැන .එතන ඇති ඇඩ්මිනිස්ට්‍රටර් ( Administrator ) කියලා යුසර් Account එකක් .එක ක්ලික් කරලා බලන්න .හුගක් වෙලාවට හුගක් අය එතනට පාස්වර්ඩ් එකක් දාන්නේ නෑ.

Wednesday, May 18, 2011

No Signal



හුගක් අයට තියන තව ප්‍රහ්නයක් තමයි තමන්ගේ මොනිටර් එකේ No Signal කියල වැටෙන එක .එහෙම හුගක් වෙලාවට වැටෙන්නේ කොම්පුටෙර් එකේ පිටිපස්සේ තියන (ඒ කියන්නේ C.P.U එක හරිද ) වී ජි ඒ කේබල් එක බුරුල් වෙන නිසා.හැබැයි එහෙම ගොඩක් වෙන්නේ කොල්ලොන්ට තමයි .ඇයි ඉතින් කොම්ප්යුටෙර් එක විදිහක තියාගෙන ඉන්න බැහැනේ එකයි .තව එහෙම වෙන්න වෙන්න හේතු ගොඩක් තියනවා .

1.සී.පී. යූ එක පිටිපස්සේ තියන කේබල් එක අපහු පරික්ෂා කරන්න (ඒ කියන්නේ Check කරන්න ). ඒ කේබල් එක බුරුල්නම් එක අපහු ටද කරලා එකේ තියන ඇන තදකරන්න .

2.සමහර වෙලාවට නෝ සිග්නල් කියල වැටුනම සි.පි.යූ එකයි මොනිටර් එකයි දෙකම ඕෆ් කරලා මුලින්ම මොනිටර් එක ඔන්කරලා ඊට පස්සේ සී.පී.යූ ඔන් කරන්න .(හැබයි මේකට හේතුවනම් මට තාමත් හොයාගන්න බැරිඋනා )

3 .වී .ජි .එ. කාර්ඩ් එක ගලවලා පොඩ්ඩක් එකේ තියන පින් පිහදාලා අපහු හයි කරන්න .මතක ඇතුව එකේ ඇනේතද කරන්න මටක තියාගන්න .(හැබැයි මේක කරන්න ඕනේ වොරන්ටි තියනවද කියල බලලා .)

4. වී .ජි .එ. කාර්ඩ් එක ගලවල එක හයි කරල තියන පොර්ට් එක හොඳ අලුත් පින්සලකින් හොදට පිහදන්න .

5.තමාගේ පරිගණකයේ තියෙන්නේ ඔන් බෝර්ඩ් වී .ජි .එ. එකක්නම් අලුත සෙපරේට් වී .ජි .එ. කාර්ඩ් එකක් හයි කරන්න .(එහෙම කලාම ගොඩක් දුරට වැඩේ හරියනවා )

6.ඒ මුකුත් හරිගියේ නැත්නම් අලුත් මදර් බෝර්ඩ් එකක් දාන්න එතකොටනම් වැඩේ ගොඩ

Sunday, May 15, 2011

IDrive Portable



පොර්ටබල් ස්ටෝරේජ් කියන්නේ මොනද කියල අපි හැමෝම දන්නවා .ඒ කියන්නේ තමන්ගේ පුද්ගලික පරිගණකයේ හරි ලැප්ටොප් එකට හරි පිටින් එකතු කරන ගැජට් එකක් .ඒ කියන්නේ දත්ත ගබඩා කරලා තියාගන්න පෙන් එකකට වඩා ඉඩ වැඩි .ගානත් වැඩි උපාංගයක්.මේකත් ස්ටෝරේජ් උපාංගයක් උනාට මේක හදලා තියෙන්නේ Idrive කියලා Online Storage Company එකක්.හැබැයි මේක ගනිද්දී ඔයාලට Idrive Company එකෙන් 5 GB online Storage Capacity එකක් සම්පුර්ණයෙන්ම නොමිලේ ලැබෙනවා .හැබැයි මේ ඉඩ දෙන්නේ ඔයාලට අත්යවශ්ය Files පරිස්සම් කරලා තියාගන්න .හැබැයි ඒ අය ලග තව Plans තියනවා .ඒ කියන්නේ ඔයාලට පුළුවන් පොඩි ගානක් ගෙවලා ඒ online Storage Capacity එක වැඩිකරගන්න පුළුවන් ..