Thursday, April 7, 2011

Blue Screen Error එක මොකක්ද?


මොකක්ද මේ Blue Screen Error එක.මේක එන්නේ මොකක් කියාද හිතන්නේ .මේක හුගක් වෙලාවට එන්නේ අපේ PC එකේ තියන Hardware වලට එන Software හිටපු ගමන් PC එකත් එක්ක වැඩකරන ගමන් සමහර නොගැලපීම් ආවම තමයි.සරල විදිහට කිව්වොත් ඔයාගේ PC එකට Hard Drive එකෙන් දීල තියන Software එක ඔයාල PC ඔන් කරපු වෙලාවේ ඉදල වැඩකරනවා එත් හිටපු ගමන් ඒ වැඩකරන Software එකට හිතාගන්න බැරි frequency එකක් එනවා.එතකොට කරන්නේ පුළුවන් තරම් ඉක්මනට Blue Screen Error එක පෙන්නලා Hard Drive නවත්තන එක.තව Ram එකෙත් frequency ගැලපෙන්නේ නැති වෙලාවටත් මේක වෙනවා.තව system registry එකේ අවුල් උනාමත් මේ ලෙඩේ එනවා .මේකට බොහොම පොඩි දෙයි කරන්න තියන්නේ..

1.Computer එක ගලවල බලන්න Hard drive එකේ Power cable එක බුරුල් වෙලාද කියලා.එක ටිකක් තද කරන්න ..

2.Ram එක ගලවලා හොද Tissue එකකින් එකේ රත්තරන් පාට පින් ටික හොදට පිහන්න..තව පුලුවන්නම් හොද අලුත් රබර් මකනයකින් ඒ පින් ටික හොදට පිහන්න.

3.Computer එක බූට් කරලා registry cleaner එකකින් Windows registry එක හොදට Clean කරන්න.

4.Ram එක සෙට් වෙන SLot අලුත් පින්සලකින් හොදට පිහන්න. ඒ සමහර විට එතන Dust එක හිරවෙලා තියන නිසාවෙන්න පුළුවන්

හොද registry cleaner එකක් Download කරගන්න මෙතන ඔබන්න ==>

ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.

No comments:

Post a Comment