Sunday, April 17, 2011

Hardware Keyloggers ගැන දන්නවද?




සරලව කිව්වොත්, මේක කීබෝඩ් එකේ කේබල් එකත්, මදර්බෝඩ් එකේ කීබෝඩ් පෝට් එකත් අතර මැද සවි කරන්න පුළුවන් පොඩි ගැජට් කෑල්ලක්.
දැක්කම නිකං ලොකු අවධානයකට ලක්නොවෙන... පොඩි 'අයිටම්' එකක්.
හැබැයි මෙයා ලොකු වැඩක් කරනවා -- ඔත්තු බලනවා.
කීබෝඩ් එකෙන් පරිගණකයට යන හැම දත්තයක් ගැනම සෙවිල්ලෙන් ඉඳලා මෙයාට මතක තියාගන්න පුළුවන්.
ඒ කියන්නේ අපේ පාස්වර්ඩ් වුණත්!!
මේක හරියට පෙන් එකක් වගේ ..අපි ට්ය්පේ කරන හැමදේම එක සටහන් වෙනවා.....

මේකට කරන්න පුළුවන් මොනවද? අපි ඒ ගැන කතා කරමු.
පොදු ස්ථාන වල තියෙන පරිගණක, ඒ කියන්නේ Internet cafe වගේ තැන් වලදි.... ටිකක් පරිස්සම් වෙමු.
ඔබේ විද්‍යුත් තැපැල් ගිණුම නිරාවරණය වුණොත්, ඒකෙන්ම ඔබේ පැවැත්මට/ සමාජ ජීවිතයට ලොකු තර්ජනයක් ඇති වෙන්න පුළුවන්.

ප.ලි = Cafe ගියගමන් පොඩ්ඩක් හිමිට CPU එක පිටිපස්ස අතගාල බලන්න.එහෙම කැල්ලක් තිබ්බොත් ගලවාගෙන එන්න ..මම නම් කරන්නේ එකයි .

ශ්‍රී ලංකාවේදී මේ සම්බන්ධ නීතිය? --------->

2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ දක්වා ඇති අයුරින් නීති ප්‍රකාරව කටයුතු කළ හැකියි. නමුත් අපේ රටේ මේ නීතිය තවමත් හරියට ක්‍රියාත්මක වෙනවද කියන එක ගැටළුවක්.

shakunthala අය්යාගෙන් උපුටා ගැනීමකි........

No comments:

Post a Comment