Sunday, May 29, 2011

පාස්වර්ඩ් අමතක උනොත්





කවදා හරි පරිගණකයේ මුරපදය ( Password) එක අමතක වෙලා තියනවද ?.ඒ වෙලාවට මොනාද කරන්නේ කියල හිතාගන්නවත් බැරුව ඇති .සමහර අය හිතනවත් ඇති තමන් කාලයක් එකතු කරපු ඩේටා ටික නැතිඋනා කියල .තමන්ගේ මුරපදය අමතක වෙනවනම් කරන්න තියන එකම දේ හොදට මතක තියන එත් ආරක්ෂාකාරී මුරපදයක් දාගන්න එක .එත් එක අමතක වෙනවනම් මෙන්න මේ පහල තියන ට්‍රික්ස් ටිඅක් කරලා බලන්න .
1.මුරපදය අමතක උනා කියල කලබල වෙන්න එපා.පොඩ්ඩක්‌ හිතල බලන්න Password එක මතකද කියලා .නැත්නම් එක අමතක වෙන නිසා එක ලියාගත්ත තැනක්වත් මතකද කියල.එත් මතකයට එන්නේ නැත්නම් දෙවෙන පියවරට යන එක තමයි ගොඩක් හොද !

2.මුලින්ම පරිගණකය රීස්ටාර්ට් කරන්න .ඊට පස්සේ bios එකෙන් පස්සේ පරිගණකය බූට්‌ උනාම F8 යතුර ඔබන්න (හැබැයි දෙපාරක් තුන්පාරක් ඔබන්න වෙනවා වැඩේ වෙන්නනම්’)

3.ඊට පස්සේ එතන තියන ලිස්ට් එකෙන් සේෆ් මූඩ් ( Safe mood )කියන Option එක ඔබන්න .

4.දැන් පරිගණකය බූට්‌ වෙන්නේ අවම Hardware පහසුකම් ඇතුව .ඒ කියන්නේ Network,Bluetooth, වගේ වැඩ කෑලි සේෆ් මූඩ් එකේ වැඩකරන්නේ නෑ.

5.දැන් බූට්‌ වෙලා ඉවර උනාට පස්සේ එන්නේ ලොගින් ( Login ) එක .ඒ කියන්නේ පාස්වර්ඩ් එක ටයිප් කරන තැන .එතන ඇති ඇඩ්මිනිස්ට්‍රටර් ( Administrator ) කියලා යුසර් Account එකක් .එක ක්ලික් කරලා බලන්න .හුගක් වෙලාවට හුගක් අය එතනට පාස්වර්ඩ් එකක් දාන්නේ නෑ.

No comments:

Post a Comment