
හුගක් අයට තියන තව ප්‍රහ්නයක් තමයි තමන්ගේ මොනිටර් එකේ No Signal කියල වැටෙන එක .එහෙම හුගක් වෙලාවට වැටෙන්නේ කොම්පුටෙර් එකේ පිටිපස්සේ තියන (ඒ කියන්නේ C.P.U එක හරිද ) වී ජි ඒ කේබල් එක බුරුල් වෙන නිසා.හැබැයි එහෙම ගොඩක් වෙන්නේ කොල්ලොන්ට තමයි .ඇයි ඉතින් කොම්ප්යුටෙර් එක විදිහක තියාගෙන ඉන්න බැහැනේ එකයි .තව එහෙම වෙන්න වෙන්න හේතු ගොඩක් තියනවා .
1.සී.පී. යූ එක පිටිපස්සේ තියන කේබල් එක අපහු පරික්ෂා කරන්න (ඒ කියන්නේ Check කරන්න ). ඒ කේබල් එක බුරුල්නම් එක අපහු ටද කරලා එකේ තියන ඇන තදකරන්න .
2.සමහර වෙලාවට නෝ සිග්නල් කියල වැටුනම සි.පි.යූ එකයි මොනිටර් එකයි දෙකම ඕෆ් කරලා මුලින්ම මොනිටර් එක ඔන්කරලා ඊට පස්සේ සී.පී.යූ ඔන් කරන්න .(හැබයි මේකට හේතුවනම් මට තාමත් හොයාගන්න බැරිඋනා )
3 .වී .ජි .එ. කාර්ඩ් එක ගලවලා පොඩ්ඩක් එකේ තියන පින් පිහදාලා අපහු හයි කරන්න .මතක ඇතුව එකේ ඇනේතද කරන්න මටක තියාගන්න .(හැබැයි මේක කරන්න ඕනේ වොරන්ටි තියනවද කියල බලලා .)
4. වී .ජි .එ. කාර්ඩ් එක ගලවල එක හයි කරල තියන පොර්ට් එක හොඳ අලුත් පින්සලකින් හොදට පිහදන්න .
5.තමාගේ පරිගණකයේ තියෙන්නේ ඔන් බෝර්ඩ් වී .ජි .එ. එකක්නම් අලුත සෙපරේට් වී .ජි .එ. කාර්ඩ් එකක් හයි කරන්න .(එහෙම කලාම ගොඩක් දුරට වැඩේ හරියනවා )
6.ඒ මුකුත් හරිගියේ නැත්නම් අලුත් මදර් බෝර්ඩ් එකක් දාන්න එතකොටනම් වැඩේ ගොඩ
No comments:
Post a Comment